24.3 C
Galle

පස් හැවිරිදි දරුවකුගේ අබිරහස් මරණයක්

Published:

පස් හැවිරිදි දරුවකුගේ මළ සිරුරුක් මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක තිබී ඊයේ (08) සවස හමු වූ බව පොලිසිය පවසයි.

දරුවකුගේ මළ සිරුරක් තිබෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

මෙලෙස මියගොස් ඇත්තේ හල්බරාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවකු බව ද පොලිසිය පවසයි. ඔහුගේ සිරුරේ බෝතල් කටු ඇනී තිබෙනු නිරීක්ෂණය වී ඇත.  මියගිය දරුවාගේ පියා පවුලෙන් වෙන්ව ජීවත්වන බවත් දරුවා සීයා සහ අත්තම්මා ළඟ නතරකර මව දිවා කාලයේ රැකියාවකට යන බවත් අනාවරණය වී තිබේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වනවිට සිදුකර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද ස්ථානයට පැමිණ පරීක්ෂාවක් සිදුකර ඇත. දේහය විච්ඡේදනය කර අද (09) දහවල් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!