25.7 C
Galle

අක්මීමණ දී පොලිස් වෙඩි තැබීමක්. අයෙක් තුවාලයි

Published:

පරීක්ෂා කිරීමට ලක් වූ පුද්ගලයන් දෙදෙනකුගෙන් එක අයකු පලාගොස් තවත් අයකු බෝම්බයකින් පොලිස් නිලධාරීන්ට දමා ගැසීමට උත්සාහ ගැනීම නිසා වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ගාල්ල, අක්මීමණ ප්‍රදේශයේ දී ඊයේ (10) මෙම වෙඩි තැබීම සිදුව ඇත. ඉන් තුවාල ලැබූ එක් සැකකරුවකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පළාගිය සැකකරු ටී-56 උණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

ඊයේ (10) රාත්‍රී මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරීමේ දී එක් අයකු පළා ගොස් ඇත. පොලිසිය පවසන්නේ අනෙක් පුද්ගලයා පොලිස් නිලධාරීන් දෙදෙනාට බෝම්බයකින්  දමා ගැසීමට උත්සාහ ගත් බැවින් වෙඩි තැබූ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!