25.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 17,582ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,234ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 94ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,434 ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 594
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 275
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 175

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව කොටස් මිලියන 10
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 8.4
  • අමානා බැංකුව කොටස් මිලියන 7.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඩර්ඩන්ස් රෝහල්  සමාගම 13%
  • එච්එන්බී ෆයිනෑන්ස් සමාගම 11%
  • රෙඩියන් ජෙම්ස් සමාගම 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් මිලියන 1.9ක් රුපිියල් 139.00 බැගින්
  • සම්පත් බැංකුව කොටස් කොටස් මිලියන 8.25ක් රුපියල් 56.00 බැගින්
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 10.20 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 350,000ක් රුපියල් 146.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 260
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 207
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 175

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 136ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 47ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 89ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 36
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 109
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 17

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 08
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 04
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!