24.6 C
Galle

සතුන් සහ ශාක එකතුකළ විදේශිකයන් පිරිසක් රිමාන්ඩ්

Published:

ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස සතුන්, ශාක, සත්ව සහ ශාක කොටසක් එකතු කරමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් විදේශිකයන් තිදෙනකු සහ ඔවුන්ගේ ශ්‍රී ලාංකික රියදුරා ලබන 05 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට උඩුගම මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

නෙළුව අඩවි වන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (28) ඔවුන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහරාජ වනාන්තරයේ ලංකාගම ප්‍රදේශයේ දී ය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ තිබී විවිධ සතුන්, ශාක සහ සත්ව හා ශාක කොටස් රැසක් සොයාගත් බව ද අඩවි වන නිලධාරීන් පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!