24.6 C
Galle

ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදේ භූමිකම්පාවක්

Published:

ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින් දකුණු ඉන්දියන් සාගයේ රිච්ටර් මාපක 5.8ක භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.59ට මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් එහි අපිකේන්ද්‍රය පිහිටන ආකාරයෙනි.

ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටියේ නැගෙනහිර මායිම හෙවත් සුමාත්‍රා දූපත්වලට බටහිරින් මෙම භූමිකම්පාව සිදුව තිබේ. භූමිකම්පාව සිදුවූ ස්ථානයේ මුහුදු පත්ලේ කඳු ස්වභාවයක් පිහිටා ඇති බැවින් එම ප්‍රදේශය තරමක් නොගැඹුරුය.

මෙම භූමිකම්පාව තමන්ට ද දැණුනු බව දෙණියාය, ගාල්ල සහ කළුතර ප්‍රදේශවල කිහිප දෙනකු පවසා ඇතත් එ් පිළිබඳ නිශ්චිතව තහවරු වී නැත.

Related articles

Recent articles

error: Content is protected !!