28.1 C
Galle

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට

Published:

කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 32,844ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 4,577ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 131ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,928ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 322
  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 318
  • ෆර්සට් කැපිටල් ට්‍රෙෂරීස් රුපියල් මිලියන 307

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 21
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14
  • රිල්ප්‍රොපර්ටි සමාගම කොටස් මිලියන 09

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම  33%
  • ඒඑම්එස් සමාගම 19%
  • ඩීඑෆ්සීසී බැංකුව 15%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් 700,000 රුපියල් 180.00 බැගින්
  • දාකොටුව පෝසිලේන් සමාගම කොටස් මිලියන 05ක් රුපියල් 26.00 බැගින්
  • ඩීඑෆ්සීසී බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 70.00 බැගින්
  • සම්පත් බැංකුව කොටස් 950,000ක් රුපියල් 67.00 බැගින්
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම කොටස් 689,000ක් රුපියල් 34.00 බැගින්
  • කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 86.70 බැගින්
  • ඩයලොග් ආසියාටා කොටස් මිලියන 20.8ක් රුපියල් 10.60 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 270
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 223
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 218

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 428ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 473ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 45ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 36
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10
  • පිරමල් ග්ලාස් සමාගම රුපියල් මිලියන 09

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 82
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 10
  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!