25.7 C
Galle

ලිට්‍රෝ වැඩි වෙයි ද ? ලාෆ් අඩු වෙයි ද ? මිල සමාන කරන බව රජය කියයි

Published:

ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල එකිනෙක සමාන කිරීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කරමින් සිටින බව වෙළෙඳ අමාත්‍ය  නලින් ප්‍රනාන්දු පවසයි.

ලිට්‍රෝ ගෑස්වලට සාපේක්ෂව ලා‍ෆ්ස් ගෑස් මිල වැඩිවීම හේතුවෙන් පාරිභෝගිකයා දැඩි අපහසුතාවකට පත්වීම වළක්වා ගැනීමට මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා කීවේය.

සමාගම සමඟ පැවැති සාකච්ඡාවල දී ඉදිරි සතිය තුළ ගෑස් මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට ලා‍ෆ්ස් සමාගම පොරොන්දු වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related articles

Recent articles

error: Content is protected !!