24.3 C
Galle

බව්සරයකට යට වී කුඩා දරුවෙක් මරුට

Published:

වාලච්චේන, ඕමනියාමඩු දෙසට ඇති අතුරු මාර්ගයක ගිය ජල බවුසරයක් පසුපසට ගැනීමේ දී, බවුසරයට පිටුපසින් පාපැදියකින් ගමන් කරමින් සිටි දරුවකු බවුසරයට යට වී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම දරුවා 06 හැවිරිදි වියේ පසුවිය. ඊයේ (29) සවස මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ පාපැදියේ ළමුන් දෙදෙනකු ගමන් කරමින් සිටි අතර තුවාල ලැබු දරුවන් වාලච්චේන රෝහලට රැගෙන යන අතරතුර මෙලස මියගොස් ඇත.

අනතුර සිදුවූ ජල බවුසරය ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයකට හිමි එකක් බව පොලීසිය පැවසීය. අනතුරෙන් පසු ප්‍රදේශවාසීන් විසින් එම බවුසරයේ රියදුරුට සහ රිය සහායකට පහර දී ජල බවුසරයට ද ගිනි තබා ඇත. පොලිසිය පවසන්නේ කුපිත වූ පිරිස් එම ඉදිකිරීම් ආයතනයට ගොස් තවත් වාහන කිහිපයකට අලාභහානි සිදුකර ඇත

අනතුර සිදුකළ බවුසරයේ රියදුරා සහ රිය සහායක අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන පොලිසිය වැඩිදර විමර්ශන සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!