24.6 C
Galle

සචින් තෙන්ඩුල්කාර්, පාසල් දරුවන් දණගස්වයි. යුනිසෙෆ් සංවිධානයෙන් වැරදි ආදර්ශයක්

Published:

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කෑගල්ල, දෙහිඕවිට පාසලක දී එහි සිසු සිසුවියන් අව්වේ දණ ගස්වා සමරු ඡායාරූප ගෙන තිබේ.

මෙය සිදුව ඇත්තේ කෑගල්ල, පල්ලෙකණුගල විද්‍යාලයේ දී ය.

මෙම අවස්ථාවේ දී එම සචින් තෙන්ඩුල්කාර් සමඟ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයෝ ද සහභාගී වී සිටියහ.

මෙය සිසු සිසුවියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන සිදුවීමක් වන අතර මෙහි පුදුමය වන්නේ සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට පැමිණ අත්තේ යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියාවේ කලාපීය සුහදතා තානාපතිවරයා ලෙස වීමයි.

යුනිසෙෆ් සංවිධානය යනු එක්සත් ජාතීන්‍ගේ අන්තර් ජාතික ළමා අරමුදලයි. දරුවන්ගේ සු සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන මෙවැනි සංවිධානයක කලාපීය සුහදතා තානාපතිවරයා පාසල් දරුවන් ගිනි අව්වේ බොරළු පිට්ටනියක දණගස්වා ඡායාරූප ගැනීමේ දී ළමයින්ගේ සුබ සාධනය හෝ දරුවන්ගේ අයිතිවාසිකම් හෝ ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න ගැටලුවකි.

මෙහි පහතින් ඇත්තේ සචින් තෙන්ඩුල්කාර් සමඟ ඡායාරූප ගැනීම පාසල් සිසු සිසුවියන් දණ ගසාගෙන සිටින වීඩියෝවකි.

වීඩියෝව News1st වෙතිනි.

Related articles

Recent articles

error: Content is protected !!