25.7 C
Galle

ශ්‍රී ලංකාවේ හත් හැවිරිදි දැරියක් විස්මිත ලෝක වාර්තාවක් පිහිටුවයි

Published:

ලොව මතක ශක්තිය වැඩිම දැරියගේ චෝලන් ලෝක වාර්තාව පිහිටුවීමට බගවන්තලාව, හොලිරොසරි දෙමළ මහා විද්‍යාලයේ දැරියක අද (16) සමත්වූවා ය.

මෙම වාර්තාව පිහිටුවන ලද්දේ බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි සංකර්දාස් කණිෂ්කා නමැති 07 හැවිරිදි දැරියකි. ඇය තවමත් දෙවැනි‍ ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය.

මෙම දැරියට වැඩි මතක ශක්තියක් ඇති බව තේරුම්ගත් දෙමාපියන් ඇය පෙරපාසල් අවදියේ සිටියදී ම අධ්‍යාපනය සඳහා විශේෂිත පොත්පත් සපයා තිබිණි.

ඒ අනුව අද ඇය ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ මිනිස් සි‍රුරේ අභ්‍යන්තර කොටස් 432ක් විනාඩි 04ක දී මතකයෙන් නිවැරදිව නම් කරමිනි.

මෙම ලෝකවාර්තා පිහිටුවනු ලබන්නේ ඉන්දියාවේ චොලන් ආයතනය මගිනි. එම ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති නාගවාණි රාජා ඇතුළු කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ මෙම වාර්තාව පිහිටුවා තිබේ.

මෙම වාර්තාව පිහිටුවීම සඳහා අදාල ආයතනය වෙත දැරිය යොමුකර ඇත්තේ කණිෂ්කාගේ පියා වන තංගරාජ් සංකර්දාස් සහ මව දාමිණී සංකර්දාස් විසිනි.

Related articles

Recent articles

error: Content is protected !!