25.7 C
Galle

හෝමාගම ගින්න දරුණුයි. මුහුණු ආවරණ පළඳින්න

Published:

හෝමාගම කර්මාන්තපුරයේ තීන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක ඇති වූ ගින්න පාලනය කිරීමට ගිනි නිවන රථ 07ක් යොදවා ඇත. අද (17) රාත්‍රී 8.30ට පමණ මෙම ගින්න හටගෙන තිබිණි.

ගින්න ඇතිවීමමට හේතුව මෙතෙක් අනාවරණ්‍ය වී නොමැති අතර කෝට්ටේ මහ නගර සභාව,  හොරණ නගර සභාව සිය ගිනි නිවන රථ මේ සඳහා යොදවා ඇති අතර විශේෂ හමුදා කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තාවේ.

රසායනික ද්‍රව්‍ය ගිනිගන්නා බැවින් විෂ සහිත දුමාරයක් ඇතිවිය හැකි බැවින් හෝමාගම සහ ඒ අවට සියලු දෙනාට මුඛ ආවරණ පළඳින ලෙස ද දැනුම් දී තිබේ.

ගින්න ඇති වූ ප්‍රදේශයෙන් හැකිතරම් ඈත්ව නිවෙස්වලට ම වී සිටින ලෙස ද බලධාරීන් සියලු ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!