27.9 C
Galle

මස්වල වස. දඩමස් කන්න එපා

Published:

නියඟය නිසා ජලය සොයාගෙන දියකඩිතිවලට එන සතුන්ට වස දමා ඝාතනය කිරීමේ සිදුවීම් ප්‍රදේශ රැසකින් වාර්තාවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ විෂ මිනිස් සිරුරට ද හානිකර බැවින් දඩ මස් හෝ සැක සහිත මස් කිසිවක් අනුභව නොකරන්න යැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස සතුන්ට වස දී ඝාතනය කර මස් කර විකුණන පුද්ගලයන් සොයා වනජීවී දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුම් කිහිපයක් ම ආරම්භ කර තිබේ.

එමෙන් ම දඩ මස් අළෙවියට ඇති ස්ථාන පිළිබඳ හෝ සතුන් මරා දමන පුද්ගලයන් පිළබඳ දැනගතහොත් වහාම 1992 හදිසි ඇමතුම් අංශයට දැනුම් දෙන ලෙස ද වනජීවී දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

මෙවැනි සතුන් ඝාතනය කිරීම කතරගමට පැමිණෙන වන්දනාගරුවන් ඉලක්ක කරගෙන යාල වනෝද්‍යානය ආශ්‍රිතව බහුලව සිදුවෙමින් පවතින බව ද වාර්ත‍ා වේ.

Related articles

Recent articles

error: Content is protected !!