27.4 C
Galle

QR යළි හඳුන්වාදෙයි

Published:

ඉන්ධන කෝටාව ලබාදීමේ QR ක්‍රමය ඉවත්කළ ද ඉදිරියේ දී තවත් වැඩිදියුණු කර නැවත ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය වසයි.

එහි දී ශ්‍රී ලංකාවේ ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් දත්ත එකතුකිරීම, දත්ත විශ්ලේෂණය වෙනුවෙන් මෙය භාවිතා කිරීමට නියමිතය.

අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ පසුගිය වසරේ පැවැති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදය නිසා ඉන්ධන භාවිතය පාලන කිරීමට කළමනාකරණ වැඩපිළිවෙලක් ලෙස මෙය ක්‍රියාත්මක කළ බවයි. එම අර්බුධය මේ වනවිට අවසන් වී ඇති බැවින් කෝටා ක්‍රමය භාවිතයෙන් ඉවත්කළ බව ද අමාත්‍යවරයා කීවේය.

සිකුරාදා (01) වන විට QR ක්‍රමයට සියලුම ආකාරයේ වාහන ලක්ෂ 65ක් ලියාපදිංචි වී සිට බවත් ඉන්ධන ගැනීමේ ගනුදෙනු ලක්ෂ 3,500ක් සිදුකර ඇති බවත්, ඔහු කිවේය.

QR කේතය තවදුරටත් අවශ්‍ය නොවන්නේ, පසුගිය කාලය තුළ රජය විසින් ගත් ප්‍රතිපත්ති තීරණ, හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය, ඉන්ධන වෙළෙඳපොළට නව බෙදුම්කරුවන් එකතු වීම යන කරුණු මඟින් ඉන්ධන ආනයනයට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවන් කළමනාකරණය වී ඇති බැවින් බව අමාත්‍යාංශය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!