27.9 C
Galle

ජනාධිපතිට ඉල්ලා අසවන්න යැයි උද්ඝෝෂණ

Published:

සිරියාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන්, ජනාධිපති ‘බෂාර් අල් අසාද්’ සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව විරෝධතාකරුවෝ කියති.  ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිරියාවේ ජනතාව දැවැන්ත විරෝධතා රැළියක් ආරම්භ කර තිබේ.

සිරියාවේ ස්වෙයිදා නගරයේ දී මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි. මේ සඳහා එරට වැසියන් දහස් ගණනක් සහභාගී වී තිබූ අතර එම විරෝධතාව මේ වනවිට සති දෙකක කාලයක් පැවැත්වෙයි.

මේ වනවිට එරට ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් 57 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ආර්ථික විශේෂඥයන් පවසන්නේ එරට ජනගහණයෙන් 90%ක් දරිද්‍රතාවයට පත්ව ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!