27.9 C
Galle

භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 600 ඉක්මවයි

Published:

මොරොක්කෝවේ සිදු වූ රිච්ටර් මාපක 6.8ක භූමිකපාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 600ක් ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එ‍රට වේලාවෙන් ඊයේ (08) රාත්‍රී 11.00ට පමණ මෙම භූමිකම්පාව සිදුවිය.

මොරොක්කෝවේ, මරකේෂ් නගරයට කිලෝ මීටර 71ක් නිරිත දිගින් පිහිටි ඇට්ලස් ඇට්ලස් කඳුවැටියේ කිලෝ මීටර 18.5ක් ගැඹුරින් භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා තිබූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

භූමිකම්පාව හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිලි අතර හිරවී සිටින පිරිස් මුදවා ගැනීමේ කටයුතු වේගවත් කර ඇති අතර සුන්බුන් හේතුවෙන් මාර්ග අවහිරවීම නිසා ගලවාගැනීමේ කණ්ඩායම්වලට එම ප්‍රදේශවෙත ළඟාවීම අපහසු වී ඇත.

වසර 120කට පසු අප්‍රිකාවෙ උතුරු කොටසින් වාර්තා වූ ප්‍රබලත ම භූමිකම්පාව වන අතර 2004 වර්ෂයෙන් පසු මොරොක්කෝවට වැඩිම බලපෑමක් කළ භූමිකම්පාව ද වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!