27.8 C
Galle

ධනුෂ්ක නිදොස් කොට නිදහස්

Published:

කාන්තාවකට අමානුෂික ලෙස අතවර කිරීමේ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී විනිසුරු සාරා හගෙට් මෙම තීන්දුව ලබාදුන්නාය.

සමාජ මාධ්‍ය යෙදවුමක් ඔස්සේ හඳුනාගත් කාන්තාවක් ධනුෂ්ක විසින් ලිංගික ව අපයෝජනය කළැයි චෝදනා එල්ල කෙරිණි. ඒ අනුව ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

ඉකුත් 21 වැනිදා ධනුෂ්ක ගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී අවසන් වූ අතර, එහි තීන්දුව අද (28) ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.

Related articles

Recent articles

error: Content is protected !!