27.9 C
Galle

පිපිරීමකින් පුද්ගලයන් 52ක් මරුට

Published:

පකිස්තානයේ ආගමික උත්සවයක දී සිදු වූ බෝම්බ පිපිරීමකින් 52 කු මියගොස් 130ක පිරිසක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නබි නායකතුමාගේ උපන්දිනය සැමරීම සඳහා අද (29) මෙම ආගමික උත්සවය සංවිධානය කර තිබී ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් මෙම පිපිරිම සිදු කරන්නට ඇතැයි මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව පාකිස්තාන පොලිසිය පවසා ඇත.

පිපිරීම නිරිතදිග බලුකිස්තාන පළාතේ පල්ලියක් අසලදී සිදුව ඇත. පිපිරීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!