27.8 C
Galle

වඳින්න ගිය දේවාලය ඔළුවට කඩා වැටෙයි: 09ක් මරුට

Published:

මෙක්සිකෝවේ වෙරළබඩ තමවුලිපාස් ප්‍රාන්තයේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පවසන්නේ තවත් 20 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී ඇති බවයි.

සියුඩැඩ් මැඩේරෝ ප්‍රදේශයේ පිහිටි හි සැන්ටා කෲස් දේවස්ථානයේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ 49 දෙනෙකු රෝහල් ගත කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ එම අවස්ථාවේ පුද්ගලයන් 100 ක් පමණ පිරිසක් පල්ලියට රැස්ව සිටි බවයි. එය බව්තීස්ම උත්සව අවස්ථාවක් බව ප්‍රාදේශීය මාධ්‍ය සඳහන් කළේය.

සිරවී සිටින අය අතර කුඩා දරුවන් රැසක් සිටින බවට විශ්වාස කෙරෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

https://www.bbc.com/news/world-latin-america-66979447

Related articles

Recent articles

error: Content is protected !!