24.1 C
Galle

අල්ලස් ගත්තා යැයි භූ විද්‍යා ඉංජිනේරුවා සහ රියදුරා රිමාන්ඩ්

Published:

අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ හම්බන්තොට ප්‍රාදේශීය ඉංජිනේරුවරයකු සහ රියදුරකු ලබන 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් ඖෂධ මිගාර මහාරච්චි අද (06) නියෝග කළේය.

ගොඩවැලි කැපීම් කරන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 350,000.00ක අල්ලසක් ලබාගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අම්බලන්තොට දී ඉංජිනේරුවරයා සහ රියදුරා අත්අඩංගුවට ගෙන තිබිණි.

අම්බලන්තොට වලවවත්ත ප්‍රදේශයේ වැලි කැණීම් සිදුකිරීමට බලපත්‍ර ලබාගැනීමටත් බාධාවකින් තොරව එම කාර්යය කරගෙන යාමටත් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ඉංජිනේරුවරයා අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 05ක අල්ලසක් ඉල්ලා තිබිණි. එම මුදලින් ලක්ෂ 02ක් ඉංජිනේරුවරයාටත්, ලක්ෂ 1.5ක් රියදුරාටත් ලබාදෙන අවස්ථාවේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!