29.1 C
Galle

ගි ගඟ කොමළිය, නිසළ වෙයි

Published:

ගිං ගඟ ජලය බැසයාම හේතුවෙන් මේ වනවිවට ගංවතුර තර්ජනයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

තවලම සහ බද්දේගම ජල මාපකවල දක්නට ලැබෙන ජල මට්ටම ගංවතුර අවදානම් තත්වයට වඩා පහළ බැස ඇත. ගත වූ පැය 24කට වැඩි කාලයක දී ගිං ගඟ නිම්නයට තද වැසි ඇති නොවීම හේතුවෙන් මේ ආකාරයට වතුට මට්ටම අඩු වී තිබේ.

පසුගිය සැප්තැම්බර් 28 වැනි දිනන සිට ගිංගඟ ආශ්‍රිත පහත් බිම් සඳහා ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර තිබිණි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ නිල්වලා ගඟ ආශ්‍රිතව තවමත් ගංවතුර අවදානමක් ඇති බවයි. මේ අවදානම පහව යන්නේ ද යන්න පිළිබඳ ඉදිරි පැය 24 ගත වූ පසු තීරණය කරන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!