24.4 C
Galle

කොටස් වෙළඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 12,758ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,132ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 33ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,590ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 158
  • රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 131
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 113

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 20
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 04
  • ෆස්ට් කැපිටල් සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලාන් මර්චන්ට් බැංකුව 16%
  • යූබී ෆිනෑන්ස් සමාගම 14%
  • මුලර්ස් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 20ක් රුපියල් 6.50 බැගින්
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් 200,000ක් රුපියල් 100.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 244
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 184

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 42ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 110ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 64ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 03
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 17
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 14

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!