27.8 C
Galle

දුම්රිය අනතුරින් විශාල පිරිසක් මරුට

Published:

බංග්ලාදේශයේ නැගෙනහිර බහිරාබ්හි ජගන්නාත්පූර් දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 17 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මගී දුම්රියක පසුපස වැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

සංඥා දෝෂයක් ගැටුමට හේතු වන්නට ඇතැයි දුම්රිය නිලධාරියෙක් පැවසීය.

දුර්වල යටිතල පහසුකම් හේතුවෙන් බංග්ලාදේශයේ දුම්රිය අනතුරු සුලභ වේ.

“ගැටීමෙන් පසු බොහෝ දෙනෙක් ඇතුළත සිරවී සිටියහ. බොහෝ දෙනෙක් එම ස්ථානයේදීම මිය ගියහ,” ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවයේ ප්‍රධානී මොහොමඩ් මසුඩ් වාර්තාකරුවන්ට පැවසීය.

තුවාල ලැබූ 50 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටින අතර එහිදී තවත් තිදෙනෙකු මියගොස් තිබේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඩකා දුම්රිය පොලිස් අධිකාරී අනෝවර් හොසේන් වාර්තාකරුවන්ට පැවසීය.

අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව බංග්ලාදේශ බලධාරීන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අප්‍රේල් මාසයේදී, බහිරාබ්ට දකුණින් පිහිටි කොමිලාහිදී ඩකා බලා යන මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් කිහිප දෙනෙක් තුවාල ලැබූහ. එය ද සංඥා දෝෂයකින් සිදුවූ බව සඳහන් විය.

ඩකා නගරයට ඊසාන දෙසින් කිලෝමීටර් 80ක් දුරින් බහිරාබ් නගරය පිහිටා ඇත.

https://www.bbc.com/news/world-asia-67202429

Related articles

Recent articles

error: Content is protected !!