27.7 C
Galle

හිටපු ක්‍රිකට් පාලකයන් රකින්න, රනිල් ඉදිරිපත් වෙයි ද ?

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොාදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) උදෑසන කීවේය.

ඔහු මේ බව කියා ඇත්තේ ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවල වාර්තා පළවීම සම්බන්ධයෙන් මැති ඇමතිවරු රැසක් ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවක දී ය.

එම කමිටුව පත්කිරීමේ දී ක්‍රීඩා ඇමතිවරයා එහි සාමාජිකයන් සම්බන්ධයෙන් අනුමැතික් ගෙන නැතැයි ද පවසයි. මේ සම්බන්ධ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් කරුණු විමසීමට ඇමතිවරු කිහිප දෙනකු සූදානමින් සිටින බව ද වාර්තා වේ.

මේ පිළිබඳ විමසීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇතැයි ද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති ෂම්මි සිල්වා පසුගිය දා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් සිය දුක්ගැනවිලි සඳහන් ලිපියක් ද ජනාධිපතිවරයා වෙත යොමුකර තිබූ බව අප මින් ඉහත දී වාර්තා කළේය.

Related articles

Recent articles

error: Content is protected !!