27.7 C
Galle

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ භූමිකම්පාවකට මැදි වෙති. දිල්ලිය දෙදරා යයි

Published:

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (06) දිල්ලියේ දී පැවැත්වෙන තරඟය අතරතුර දිල්ලියට දැණුනු භූමිකම්පාවක් හේතුවෙන් එම නගරයේ වැසියන් දැඩි තැතිගැම්මකට ලක්ව ඇතැයි වාර්තා වේ.

අද (06) සවස 4.16ට පමණ මෙම භූමිකම්පාව දැනී ඇත.

රිච්ටර් මාපකයේ ඒකක .6කින් යුතු මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ නේපාලයේ අයෝධ්‍යාවට කිලෝ මීටර 233ක් උතුරු ප්‍රදේශයේ ය. පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 10ක් පමණ ගැඹුරින් එහි අපිකේන්ද්‍රය පිහිටා තිබූ බව නේපාලයේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පවසයි.

දිල්ලි නගරයේ නිවාස සහ වෙළෙඳ සැල්වල ඇති ගෘහ භාණ්ඩ සහ දොර ජනෙල් පවා දෙදරා ගොස් ඇතැයි වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!