28.6 C
Galle

ක්‍රිකට් පාලකයන් ගෙදර යවන යෝජනාව පාර්ලිමේන්තුවේ දී එකමතිකව සම්මතයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සභාපති  ඇතුළු නිලධාරීන් ඔවුන් දරණ සියලු තනතුරුවලින් ඉවත්කිරීමේ යෝජනාවක් අද (09) පාර්ලිමේන්තුවේ දී එ්කමතිකව සම්මත විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම යෝජනාව ස්ථිර කළේය.

යෝජනාව පිළිබඳ විවාදය දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තිහකට වැඩි පිරිසක් විවාදයේදී අදහස් දැක්වූහ.

මෙම යෝජනාව සළකා බැලූ අවස්ථාවේ  ජාතික ජන බලවේගයේ  මන්ත්‍රීන් සභා  ගැබේ නොසිටීම විශේෂත්වයක් විය. එම අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමක් ඉල්ලමින්  දිගින් දිගටම  හඬ නැගුහ. කතානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ යෝජනාව මුලදී ඒකමතිකව සම්මතවූ බවයි.

එබැවින් ඡන්ද විමසීමක්  අවශ්‍ය නොවන බවද  ඔහු  ප්‍රකාශ කළේය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විවාදයේ පිළිතුරු කතාව කරමින් කියා සටියේ අධිකරණය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තමාට ඇති නමුත් මෙම සිද්ධියට අදාලව තීන්දුව ලබාදුන් අවස්ථාවේ කණගාටුවක් ඇති වූ බව ද ඔහු සඳහන් කළේය.

මෙම යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් කවුන්සිලයට යොමු කිරීමට පියවර ගන්නා බව සඳහන් කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!