28.6 C
Galle

සේනා දළඹු ආක්‍රමණයක්. අක්කර දහස් ගණක බඩ ඉරිඟු විනාශයි ?

Published:

අනුරාධපුර, මහකනදරාව ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවා පැමිණීමෙන් හානි සිදුවෙමින් පවතින බව ගොවීහු චෝදනා කරති.

වෙනත් වර්ෂවල දී බඩ ඉරිඟු කරල් හටගන්නා කාලයේ දී සේනා දළඹුවා පැමිණිය ද මෙවර පැල කාලයේ දී ම පැමිණ ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

වගාව ආරම්භකර මේ වනවිට ගතව ඇත්තේ සති දෙකකට අඩු කාලයකි. මේ දළඹු හානිය පිළිබඳ ගොවීන් විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවස්ථා කිහිපයක් ම දැනුම් දී ඇතත් ඔවුන් ඒ සම්බන්ධ නිසි ක්‍රියාමාර්ග ගෙන නැතැයි ද ගොවීන් චෝදනා කරයි.

Related articles

Recent articles

error: Content is protected !!