28.6 C
Galle

යළි මහ වැසි

Published:

යළි මහ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (11) සවස 4.00ට නිකුත්කළ සාමාන්‍ය කාලගුණ වාර්තාවේ සඳහන් කර ඇත.

එහි දැක්වෙන්නේ රටේ බොහෝ ප්‍රදේශවලට අද සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනිහර පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවය හැකි බව ද එම වාර්තාවේ දක්වා ඇත.

මෙයට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල ද උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්වයක් දක්නට ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

මෙම කාලගුණ වාර්තාව ඉදිරි පැය 36ක කාලයක් සඳහා නිකුත්කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!