28.4 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 9,582ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,060ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 61ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,662ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • විදු ලංකා සමාගම රුපියල් මිලියන 129
  • සණස බැංකුව රුපියල් මිලියන 110
  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 108

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • විදු ලංකා සමාගම කොටස් මිලියන 19
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 11
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 50%
  • සිංහ හොස්පිට්ල් සමාගම 09%
  • හොටෙල් සීගිරිය සමාගම 08%

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • විදුලංකා සමාගමේ කොටස් මිලියන 19ක් රුපියල් 6.80 බැගින්
  • සණස සංවර්ධන බැංකුව කොටස් මිලියන 3.1ක් රුපියල් 35.00 බැගින්
  • ප්‍රීමා සමාගම කොටස් 120,000ක් 184.50 බැගින්
  • ෂෝවලර්ස් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 10.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 263
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 258
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 185

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 63කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 182ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 119ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 23
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 15
  • හේලස් එන්ජීටී සමාගම රුපියල් මිලියන 08

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • විදුලංකා සමාගම රුපියල් මිලියන 129
  • බීපීපීඑල් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!