31.6 C
Galle

කෝප් කමිටු රැස්වීම් නවතා දමයි

Published:

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව නැවත දැනුම්දෙනතුරු රැස් නොවන බව කතානායකවරයා අද (17) පාර්ලිමේන්තුවට දැනුම් ‍දුන්නේය.

අද සවස 1.00ට කොප් කමිටුවේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ අතර එම රැස්වීම නොපැවැත්වෙන බවත්, නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුවේ කාරක සභා රැස්වීම් නොපැවැත්වෙන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල ඉල්ලා සිටියේ  සවස 1.00ට පැවැත්වීමට තිබූ රැස්වීමට මුස්ලිම් ආගමික මන්ත්‍රීවරුන්ට සහභාගී විය නොහැකි බැවින් එය සවස 2.00ට පැවැත්වීම සුදුසු බවයි.

කෝප් කමිටුවේ පැණ නැගී ඇති ගැටලුකාරී තත්වයක් හේතුවෙන් එය මඟහරවාගෙන රැස්වීම් පසුව පවත්වන බව එම අවස්ථාවේ දී කතානායකවරයා කීවේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කීවේ දේශපාලන තීන්දු ගන්නකම් මේ කොප් කමිටුව කල් නොදැමිය යුතු බවයි. කෝප් කමිටුවේ ඇති වී තිබෙන ගැටලුව එහි සාමාජිකයන්ට විසඳා ගැනීමට ඉඩ දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට කතානායකවරයා ඉඩ දුන්නේ නැත.

Related articles

Recent articles

error: Content is protected !!