25.3 C
Galle

පොලිස්පතිගේ සේවා දිගුව ප්‍රතික්ෂේපයි

Published:

විශ්‍රාමික පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට තවදුරටත් සේවා දිගුවක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය 03 වැනි දා පොලිස්පතිවරයාට දින 21ක කාලයක් සඳහා තුන්වැනි සේවා දිගුව ද ලබාදුන් බැවින් ඔහුගේ සේවා කාලය 24 වැනි දා අවසන් වීමට නියමිතය.

ඔහුට සේවා දිගුවක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තවදුරටත් සේවා දිගුවක් ලබාදීමට නොහැකි තත්වයක් උදා වී ඇත.

මේ අතර තුන්වෙනි සේවා දිගුව අවසන් වීමෙන් පසු පොලිස්පති සිරි වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැත්නම් නව පොලිස්පතිවරයකු පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.

පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිවු දෙනකුගේ නම් රජයට දැනටමත් යෝජනා වී ඇත. ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබා දී ඇති තුන්වැනි සේවා දිගුව ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ වනවිට පොලිස්පතිවරයාට රාජකාරී කිරීමේ නීත්‍යානුකූල හිමිකමක් තිබේ ද යන්න ගැටලුවකි.

Related articles

Recent articles

error: Content is protected !!