28.3 C
Galle

පල්ලියේ පූජකයා පහරදීමෙන්, තරුණියක් රෝහලේ

Published:

යාපනයේ කොඩිකාමම් දේවස්ථානයේ පැවැති විශේෂ දේව මෙයෙට සහභාගී නොවූ තරුණියකට එම දේවස්ථානයේ පූජකයකු පහරදීම හේතුවෙන් ඇය චාවකච්චේරි රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇති තරුණියගේ පියා කතෝලික බවත්, මව හින්දු ලබ්ධික කාන්තාවක් බවත් පොලිසිය කියයි. තරුණිය සිය මව සමඟ කෝවිලට යාමට පුරුදුව සිට ඇති බවත් ඉඳහිට කතෝලික පල්ලියට යන බව ද අනාවරණය වී තිබේ.

කොඩිකාමම් දේවස්ථානයේ පැවැති විශේෂ දේව මෙහෙය සඳහා න‍ොපැමිණීම සම්බන්ධයේන උරණ වූ පූජකවරයා එම තරුණියට පහර දී තුවාල සිදුකළ බව තරුණියගේ පියා චාවකච්චේරි පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය පවසන්නේ සැකකාර පූජකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා සොයන බවයි.  

Related articles

Recent articles

error: Content is protected !!