28.3 C
Galle

මාතරින් මතුවුණේ, පැරණි සුසාන භූමියක් ද ?

Published:

මාතර කොටුවේ විදුලි කණුවක් සිටුවීම සඳහා වළක් හාරමින් සිටි සේවකයන් පිරිසකට අද (06) මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වී තිබේ.

මෙම වළ හාරා ඇත්තේ මාතර කොටුවේ පිහිටි මැතිවරණ කාර්යාලය ඉදිරිපිටය. මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඒ බව මාතර පුරාවිද්‍යා ප්‍රාදේහීය කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දීමෙන් පසු මූලික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ එම අස්ථි කොටස් සමඟ පැරණි ඇණ 04ක් ද හමු වූ බවයි. මෙම අස්ථි කොටස් කවර කාලයකට අයත්ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඡායාරූප – News e jet වෙතිනි

Related articles

Recent articles

error: Content is protected !!