28.7 C
Galle

සූර් වෙන්න, වැඩි වෙලාවක් දෙයි

Published:

සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව හෙට (09) සිට සංශෝධනය කර තිබේ.

සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාර ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ඔහුට හිමිවන බලතල අනුව මෙය සිදුකර ඇත.

විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබේ.

මේ අතර පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව 10 සිට රාත්‍රී 11 දක්වා සහ පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10 සිට රාත්‍රී 12 දක්වා විවෘතව පවතී.

Related articles

Recent articles

error: Content is protected !!