25.5 C
Galle

අයවැය සම්මතයි

Published:

2024 අයවැය තෙවන වැඩි ඡන්ද 41කින් අද (13) සම්මත විය.

අද පැවැති තෙවැනිවවර කියවීමේ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 81ක් ප්‍රකාශ විය.

සී. වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව 2024 වසරේ ජනවාරි 09 වනදා දක්වා සභාව කල්තබන බව කථානායවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුනි.

පසුගිය නොවැම්බර් 13 වනදා අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර නොවැම්බර් 21 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවත්වීමෙන් පසු එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77 කි.

අයවැය තෙවන වර කියවීමේ විවාදය නොවැම්ර් 22 වනදා සිට අද දිනය දක්වා පැවැත්වුණි.

Related articles

Recent articles

error: Content is protected !!