25.7 C
Galle

උඩුගුවනේ දී, ශ්‍රී ලාංකික දැරියකට අතවර කළැයි ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

Published:

සෞදි අරාබියේ රියාද් කටුනායක දක්වා පැමිණෙමින් තිබූ ගුවන් යානයක දී ශ්‍රී ලාංකික දැරියකට අතවර කළා යැයි සැකපිට ඉන්දීය ජාතික වඩු කාර්මිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් යානයේ කාර්ය මණ්ඩලය විසින් මෙම සැකකරු අල්ලා කටුනායක ගුවන්තොටුපොළේ දී පොලිසියට භාර දී තිබේ.

වයස අවුරුදු 09ක් වූ එම දැරිය සිය මව සහ සොහොයුරිය සමඟ රියාද් සිට පැමිණ ඇත්තේ සෞදි අරාබියේ රැකියාවේ නිරත තම පියා සමඟ දින කිහිපයක් ගතකිරීමෙන් අනතුරුවය.

ඉන්දීය ජාතිකයා එම ගුවන් යානයේ ම රියාද් සිට කටුනායකට පැමිණ ඇත්තේ කටුනායක සිට නැවත ඉන්දියාව බලා යාමට අපේක්ෂාවෙන් සංක්‍රමණික මගියකු ලෙසිනි. එම මගියා 49 හැවිරිදි බවත් වඩු කාර්මිකයකු බවත් පොලිසිය පවසයි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපපත් කිරීමට නියමිතය. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!