27.1 C
Galle

දරුකමට ගත් දැරියට වදහිංසා කළ විශ්වවිද්‍යාල ඇදුරෙක් සොයා මෙහෙයුම්

Published:

දරුකමට හදා ගැනීමට උසාවිය මගින් ලබාගත් 05 හැවිරිදි දැරියකට කෲර වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් සැකපිට රුහුණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක්  දියත්කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකි.

කඹුරුපිටියේ පිහිටි විශ්වවිද්‍යාල නිල නිවසකින් දරුවකු හඬන ශබ්දය නිතර නිතර ඇසෙන බව කියමින් අසල්වැසියකු පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික පරීක්ෂණයක් පවත්වා දැරිය සොයාගෙන තිබිණි.

ඒ අවස්ථාව වනවිටත් දැරියට අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් සිරුරේ තැන්තැන්වල තැලුම් තුවාල දක්නට ලැබුණු බව පොලිසිය කියි.

දැරිගේ තොල්, තල්ල ආදී සිරුරේ ස්ථාන කිහිපක ම තුවාල තිබූ බවත් දැරිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට ඇය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම දැරිය ළමා නිවාසයක සිටිය දී කථිකාචාර්යවරයා උසාවිය මාර්ගයෙන් කුලවැද්දුම් කර දැරිය දරුකමට ලබාගෙන ඇතැයි ද අනාවරණය වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!