24.9 C
Galle

අධිවේගී මාර්ගයේ පස් කන්ද, STF සැරයන්ට දිවි අහමිකරයි

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් කඩාවැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශේෂ කාර්ය බළකා සැරයන්වරයකු අද (18) උදෑසන මියගිය බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර, සිරි සද්ධාතිස්ස මාවතේ පදිංචිව සිටි වන්කුවත්ත වඩුගේ දමිත්  නිශාන්ත ප්‍රනාන්දු නමැති 42 හැවිරිදි දෙදරු පියෙකි.

පසුගිය ඔක්තෝබර් මස 11 වැනි දා අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 105 ආසන්නයේ මෙම පස්කඳු කඩා වැටීම සිදුවිය.

එම අනතුරින් තුවාල ලැබූ විශේෂ කාර්ය බළකායේ සැරයන් වරයා අසාධ්‍ය තත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (18) කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!