24.9 C
Galle

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය, ධම්මිකට ?

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එම පක්ෂයේ ලේකම් සාගල කාරියවසම් සහ පක්ෂයේ සභාපති මහින්ද රාජපක්ෂ දෙදෙනා විසින් මේ තීරණය ගෙන ඇත.

එම පක්ෂයේ නිර්මාතෘ ලෙස සැළකෙන, පක්ෂ සංවිධායක බැසිල් රාජපක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පිවිසියේය.

ශ්‍රී ලංකාවේ බිලියනපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා කාලයක සිට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමඟ සමීප ඇසුරක් පැවැත්වූ අයෙකි. ඔහු එම පක්ෂයට විශාල මූල්‍ය දායකත්වයක් ලබාදුන් අයකු බව ද පැවසේ.

Related articles

Recent articles

error: Content is protected !!