25.8 C
Galle

නව කොරෝනා ප්‍රභේදය, ශ්‍රී ලංකාවට රිංගලා

Published:

කොරෝනා ප්‍රතිශක්තියට ප්‍රතිරෝධ දක්වන නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මෙම කොරෝනා ප්‍රභේදය ඔමික්‍රෝන් වර්ගයේ නව ප්‍රභේදයකි. එය ජේ.එන්.1 ලෙස නම්කර ඇත.

කොවිඩ් පරීක්ෂණ ඉතාමත් අඩු මට්ටමක පවතින හෙයින් ශ්‍රී ලංකාවේ පැතිරීම ගැන මේ අවස්ථාවේදී විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නැතැයිද ඔහු සඳහන් කළේය.

මේ තත්වය සැලකිල්ලට ගෙන වැඩිහිටියන්, විවිධ රෝගාබාධ හේතුවෙන් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය මෙන්ම දුර්වල වාතාශ්‍රය සංවෘත ජනාකීර්ණ පරිසරයක සිටින අය නැවතත් මුහුණු ආවරණ පාවිච්චි කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන මහාචාර්යවරයා උණ කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, දිගට පවතින අධික උණ තත්වය, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම, වමනය ඇතිවීමේ ප්‍රවණතා මෙම ප්‍රභේදයේ රෝග ලක්ෂණ බවද ප්‍රකාශ කළේය.

මෙවැනි රෝග ලක්ෂණ ඇත් නම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් බවද ඔහු කීවේය.

කොව්ඩ් එන්නත ලබාදීමේ වැඩ පිළිවෙල තවමත් ක්‍රියාත්මක වන හෙයින් අවදානම් සහිත කණ්ඩායම් බූස්ටර් එන්නත ගැනීම වැදගත් බව ද චන්දිම ජීවන්දර පෙන්වා දෙයි.

Related articles

Recent articles

error: Content is protected !!