28.5 C
Galle

පාසල් සිසුන්‍ගේ වින‍ෝද චාරිකාව, මරණයකින් කෙළවර වෙයි

Published:

ත්‍රිකුණාමලයේ මාබල් බීච් හි විනෝද වෙමින් සිටි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි චීනවරාය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල,  මාවතගම, ඉඟුරුවත්ත පදිංචිව සිටි බී.ජී.සුදර්ශන ප්‍රමෝද් සුබසිංහ නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු මාවතගම වටරැක මහා විද්‍යාලයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකි.

තත් සිසුන් 10 දෙනකු සහ සිසුවියන් 12 දෙනකු ගරුවරයකු සහ මව්පියන්  තිදෙනකු ඇතුළු කණ්ඩායමක් පාසල් නිවාඩුවට විනෝද චාරිකාවක් සංවිධානය කර මාබල්බීච් ගොස් තිබේ. එහි දී සිසුන් තිදෙනකු මුහුදට බැස ඇති අතර ඔවුන් රළ පහරට හසුව ගසාගෙන යද්දී ගුවන් හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් දෙදෙනකු බේරාගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!