25.8 C
Galle

අධිවේගී අනතුරින් විදේශිකයකු මරුට

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඊයේ (05) අනතුරට ලක්වීමෙන් 42 හැවිරිදි රුසියානු ජාතිකයකු මියගොස් ඇතැයි ‍පොලිසිය කියයි.

අනතුර සිදුව ඇත්තේ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම පසුකර මාතර දෙසට ගමන්කරන විට කිලෝ මීටර 110-111 අතර දී ය.

බස් රථයේ රියදුරට නින්දයාම හේතුවෙන් බසයට ඉදිරියෙන් මාතර දෙසට ම ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටී ඇති අතර ඉදිරිපස අසුනේ සිටි විදේශික යුවළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ අනතුරට ලක් වූ බසයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!