31.1 C
Galle

සියළු ශ්‍රමිකයන්ගේ සමාජ ආරක්ෂණය සහතික කරනවා

Published:

මෙරට සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුළදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (10) කීවේය.

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනාගේ ශ්‍රමයට ගෞරවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ අද (10) දින ජල නල කාර්මිකයින් සහ පින්තාරු ශිල්පීන් සමඟ පැවති හමුවේදී අමාත්‍යවරයා එසේ පැවසීය. 

මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.  මෙම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට අදාලව පිහිටවූ කමිටුමේ පළමු රැස්වීම පසුගියදා පැවති බවත් ඒ අනුව එහි වාර්තාව ඉදිරි මාස තුනක  කාලයකදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් මනූෂ නානායක්කාර අමාථ්‍යවරයා පවසයි. 

Related articles

Recent articles

error: Content is protected !!