31.1 C
Galle

මන්ත්‍රී නිල නිවාසවල, පිටස්තරයන් පදිංචිවෙලා

Published:

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබාගත් මන්ත්‍රීවරුන් ඒවා තම ආරක්ෂක නිලධාරීන්ට, හිතවතුන්ට, සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 දෙනකුට පමණ ලබා දී ඇතැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පවසයි.

කොළඹින් දුර බැහැර මන්ත්‍රීවරුන්ට කොළඹින් නිල නිවසක් හිමිවෙයි.

එම නිවාස පිටස්තර අයට නොදෙන ලෙසට කොපමණ දැනුම්දීම් කළත් එලෙස ලබාදීම දිගින් දිගටම සිදුවන බව පවසන පාර්ලිමේන්තු ආරංචි මාර්ග මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සිදුවන හෙයින් එවැනි  පිටස්තර  පිරිස් ඉවත් කිරීම ගැටලු සහගත වී ඇතැයිද  සඳහන් කළේය.

මේ අතර එම මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය පවත්වාගෙන යෑමේ වියදම්ද දෙගුණයකින් පමණ වැඩි වී ඇතැයි වාර්තාවේ.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ යම් යම් සිද්ධීන් පසුගිය කාලයේදී වාර්තා වී තිබූ අතර ඒවාට සම්බන්ධ වී තිබුණේද මන්ත්‍රීවරුන් නොවන පිටස්තර අය බව දැනගන්නට ඇත.

Related articles

Recent articles

error: Content is protected !!