29.4 C
Galle

යතුරුපැදිය ඇළට වැටී, තරුණයන් දෙදෙනකු මරුට

Published:

කිලිනොච්චි, කෝවින්දන් හන්දිය අසළ වාරි ඇළ මාර්ගායක තිබී මියගිය තරුණයන් දෙදෙනකුගේ මළ සිරුරු අද (14) උදෑසන හමු වූ බව පොලිසිය පවසයි.

එම තරුණයන් දෙදෙනා ගමන් කරන්නට ඇතැයි සැළකෙන යතුරුපැදියක් ද ඇළෙහි තිබී සොයාගෙන ඇත.

ඔවුන් යතුරුපැදියෙන් ගමන්කරමින් සිටිය දී වේගය පාලනය කරගත නොහැකිව ඇළ මාර්ගයට වැටී මෙලෙස ‍මියයන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මියගොස් ඇත්තේ කිලිනොච්චිය, අලහපුරි පදිංචි දයාලන් තනුසන් (20) සහ ක්‍රිෂ්ණන් සදෙසන් (18) නමැති තරුණයන් දෙදෙනෙකි.

ඔවුන්ගේ මරණ සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය කිලිනොච්චි රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!