29.4 C
Galle

“දුමින්ද සිල්වාට මරණ දඬුවම දෙන්න” – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

Published:

මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදුව ඇති බැවින් එම දඬුවම යළි ක්‍රියාත්මක කරන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස්වරයාට ඊයේ (18) නියෝග කළේය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට මරණ දඬුවම නියමව තිබූ අතර ගොඨාභය රාජපක්ෂ ඔහුට ජනාධිපති සමාව ලබාදුන්නේ ය.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමෙන් අගතියට පත් වූ පාර්ශවය ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් සළකා බලා තීරණය කර ඇත්තේ ජනාධිපති සමාව ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සැකකරුවන් ආරක්ෂා කිරීමේ පනතට පටහැනිව සිදුකර ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!