26.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 8,524ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 700ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 92ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,279ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 210
  • කැපිටල් එලායන්ස් සමාගම  රුපියල් මිලියන 46
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 35

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
  • ඇලුමෙක්ස් සමාගම කොටස් මිලියන 2.3
  • කාගීල්ස් බැංකුව  කොටස් මිලියන 2.2

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (N) 33%
  • ආසිරි සර්ජිකල් සමාගම 05%
  • කීල්ස් ෆුඩ් සමාගම 04%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 260
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 249
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 186

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 117ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 177ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 60ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 14
  • හේලීස් එන්ජීටී සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 68
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!