26.7 C
Galle

ගින්නකින්, වෙළෙඳ සැල් 30ක් විනාශයි

Published:

මාවනැල්ල නගරයෙ කඩකාමර පේළියක ඇති වූ ගින්නකින් වෙළෙඳ සැල් 30ක් පමණ මුළුමනින් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (28) රාත්‍රී මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත්තේ ‍මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිට පිහිටි කඩ පේළියකි. ගින්න හටගත් අවස්ථාවේ දී මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ පොලිසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපවත්වා ඇතත් ඒ වනවිට කඩ 30ක් විනාශ වී ගොස් තිබිණි.

පළතුරු, රෙදිපිළි සහ ප්ලාස්ටික් භාණ්ඩ විකුණන අළෙවි සැල් ‍රැසක් මෙලෙස විනාශ වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

Recent articles

error: Content is protected !!