27.6 C
Galle

සමාජ මාධ්‍ය කතා අසා, මහ නායක හිමිට බුද්ධ චරිතයත් අමතක වෙයි ?

Published:

සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බව මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගල හිමි පවසයි.

එම හිමියන් මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අද (01) මහා නාහිමි හමු වූ අවස්ථාවේ දී ය

තමන් වහන්සේට ද ඇතැම් පුද්ගලයන් කිසිදු පදනමකින් තොරව පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවත්, ඒ නිසා දීර්ඝ කාලයක් තිස්සේ සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන විවිධ අපහාස කිරීම් පාලනය කිරීමට නීති හදුන්වාදීම වරදක් නැතැයි උන් වහන්සේ කියා ඇත.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට බාධාවකින් තොරව එය භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු බවද මහා නායක හිමි වැඩිදුරටත් පැවසුවේය.

එසේම දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනයට රජය කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බවද මහා නායක හිමි පවසයි.

ගෞතම බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටිය දී ද බුදුන්ට අපහාස කළ අවස්ථා බුද්ධ චරිතයේ දක්නට ලැබෙයි. නමුත් බුදුන් වහන්සේ තමන්ට අපහාස කළ පුද්ගලයන්ට දඬුවම් දීමට හෝ පාලනය කිරීමට ගියේ නැත. ඔවුන්ට පෙරළා මෛත්‍රී කළ බුදුන් වහන්සේ තමන්ට කියූ කිසිවක් භාර නොගන්නා බව ද පැවසූ බව පොත පතෙහි සඳහන් වේ.

නමුත් බුදු දහමේ භාරකරුවන් ලෙස පෙනී සිටින වත්මන් බෞද්ධ භික්ෂූන් බුදුන්ගේ මඟ නොගොස් තමන්ට ද අපහාස කළ නිසා සමාජ මාධ්‍ය නීති‍ යොදා පාලනය කළ යුතුයැයි පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!