27.6 C
Galle

දූරියන් රකින්න දැමූ විදුලි රැහැන තරුණ ජීවිතයක් අහිමිකරයි

Published:

ගස්වල ඇති දූරියන් ගෙඩි ආරක්ෂා කරගැනීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක ගැටී තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වටප්පිටිය, පරකඩුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි.

බටහිර පත්බේරිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක තිබී ඔහුගේ මළ සිරුර හමු වී ඇති අතර එක් පාදයක පිළිස්සුම් තුවාල සහිතව වැටී සිටි බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.

එම ඉඩමේ හිමිකරු විසින් දූරියන් ඵලදාව ආරක්ෂා කරගැනීම සඳහා ඉඩමට විදුල් රැහැන් ඇද තිබූ බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඒ අනුව ඉඩමේ හිමිකරු වූ 51 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!