27.6 C
Galle

සනත් නිශාන්තගේ බිරිඳ, පාර්ලිමේන්තුවට ?

Published:

හදිසි අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ චමරි පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීම කෙරෙහි පක්ෂයේ අවධානය‍ යොමුව ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතු තරුණ මන්ත්‍රී කණ්ඩායමක් මේ පිළිබඳ සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ.

එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව  ඇති අතර පක්ෂයේ ඉහළ නායකත්වයේ කැමැත්ත ද දැනටමත් ඊට හිමිව ඇතැයි දැනගන්නට තිබේ.

පක්ෂයෙන් තමන්ටට දේශපාලනයට පිවිසෙන්න යැයි ආරාධනා ලැබුණහොත් භාර ගැනීමට සූදානම් බව නීතිඥ චමරි පෙරේරා පසුගියදා ප්‍රකාශ කළාය.

Related articles

Recent articles

error: Content is protected !!